Jeewaye Rasayanika Padanama (ජීවයේ රසායනික පදනම) Grade 10 Science lesson 01 MCQ 03
Free G.C.E. O/L Science MCQ quiz on ජීවයේ රසායනික පදනම with 20 questions in Sinhala medium. Answer each question, see the correct answer and explanation straight away, and get your score at the end. Use the study section below to review every question and answer.
සාමාන්‍ය පෙළ Science බහුවරණ ප්‍රශ්න නොමිලේ පුහුණු වන්න.
Question 1 of 20
About this quiz
All questions & answers (20)
Study mode: read every question, then open the answer. Tap to show.
All questions & answers (20)
Study mode: read every question, then open the answer. Tap to show.
Q1. තයිරොක්සින් හෝර්මෝනය නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍යය කුමක්ද?
- A)අයඩීන්
- B)යකඩ
- C)පොස්ෆරස්
- D)සෝඩියම්
Show answer & explanation
Answer: A) අයඩීන්
තයිරොක්සින් හෝර්මෝනය නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය වන්නේ අයඩීන් ය.
Q2. ශාකවල නයිට්රජන් ඌනතාවක් ඇති වූ විට පෙන්වන ලක්ෂණය කුමක්ද?
- A)මුල්වල වර්ධනය ක්ෂීණ වීම
- B)වර්ධනය හීනවීම සහ පරිණත පත්‍රවල හරිතක්ෂය ඇතිවීම
- C)පත්‍ර අග්රස්ථය මිය යාම
- D)ළපටි පත්‍රවල හරිතක්ෂය ඇති වීම
Show answer & explanation
Answer: B) වර්ධනය හීනවීම සහ පරිණත පත්‍රවල හරිතක්ෂය ඇතිවීම
නයිට්රජන් ඌනතාව නිසා ශාකවල වර්ධනය හීනවීම හා පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වේ.
Q3. ශාකවල පුටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම සඳහා වැදගත් වන ඛනිජ මූලද්‍රව්‍යය කුමක්ද?
- A)නයිට්රජන්
- B)පොටෑසියම්
- C)පොස්ෆරස්
- D)අයන්
Show answer & explanation
Answer: B) පොටෑසියම්
පොටෑසියම් ශාකවල පුටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම සඳහා වැදගත් වේ.
Q4. විටමින් වර්ග ඒවායේ ජලයේ ද්‍රව්‍යතාව මත කාණ්ඩ කීයකට වෙන් කළ හැකි ද?
- A)2
- B)3
- C)4
- D)5
Show answer & explanation
Answer: A) 2
විටමින් වර්ග ජලයේ ද්‍රව්‍යතාව මත කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ය.
Q5. පහත දැක්වෙන විටමින් අතරින් ජලයේ ද්‍රාව්‍ය විටමින් කාණ්ඩය කුමක්ද?
- A)විටමින් A සහ D
- B)විටමින් B සහ C
- C)විටමින් E සහ K
- D)විටමින් A සහ E
Show answer & explanation
Answer: B) විටමින් B සහ C
විටමින් B හා C ජලයේ ද්‍රාව්‍ය වේ.
Q6. රාත්‍රී අන්ධතාව සහ ඇසේ බිටෝ ලප ඇතිවීමට හේතු වන විටමින් ඌනතාව කුමක්ද?
- A)විටමින් A ඌනතාව
- B)විටමින් B ඌනතාව
- C)විටමින් C ඌනතාව
- D)විටමින් D ඌනතාව
Show answer & explanation
Answer: A) විටමින් A ඌනතාව
විටමින් A ඌනතාව නිසා රාත්‍රී අන්ධතාව හා ඇසේ බිටෝ ලප ඇති වේ.
Q7. බෙරි බෙරි (Beriberi) රෝගය ඇතිවීමට හේතු වන විටමින් ඌනතාව කුමක්ද?
- A)විටමින් A
- B)විටමින් B
- C)විටමින් C
- D)විටමින් K
Show answer & explanation
Answer: B) විටමින් B
ස්නායු පටකවල නිසි පැවැත්මට අවශ්‍ය විටමින් B හිඟවීමෙන් බෙරි බෙරි රෝගය ඇතිවේ.
Q8. විදුරුමස් රෝග සහ ස්කර්වි (Scurvy) රෝගය ඇතිවීමට හේතු වන විටමින් ඌනතාව කුමක්ද?
- A)විටමින් A
- B)විටමින් B
- C)විටමින් C
- D)විටමින් D
Show answer & explanation
Answer: C) විටමින් C
විටමින් C ඌනතාව නිසා විදුරුමස් රෝග සහ ස්කර්වි රෝගය ඇතිවේ.
Q9. කැල්සියම් හා පොස්ෆරස් අවශෝෂණය පාලනය කරන විටමිනය කුමක්ද?
- A)විටමින් A
- B)විටමින් C
- C)විටමින් D
- D)විටමින් E
Show answer & explanation
Answer: C) විටමින් D
විටමින් D මගින් කැල්සියම් හා පොස්ෆරස් අවශෝෂණය පාලනය කරයි.
Q10. රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංඝටක සෑදීම සඳහා වැදගත් වන විටමිනය කුමක්ද?
- A)විටමින් A
- B)විටමින් D
- C)විටමින් E
- D)විටමින් K
Show answer & explanation
Answer: D) විටමින් K
රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංඝටක සෑදීම සඳහා විටමින් K වැදගත් වේ.
Q11. පිෂ්ටය මත ඇමයිලේස් එන්සයිමයේ ක්‍රියාකාරිත්වය පෙන්වන පරීක්ෂණයේදී විනාඩි 20කට පසු අයඩීන් ද්‍රාවණය එකතු කළ විට වර්ණ වෙනසක් නොපෙන්වීමට හේතුව කුමක්ද?
- A)එහි පිෂ්ටය සම්පූර්ණයෙන්ම ජීරණය වී වෙනත් සංයෝගයක් බවට පත්වී ඇති නිසා
- B)එන්සයිමය ක්‍රියා විරහිත වී ඇති නිසා
- C)අයඩීන් ද්‍රාවණය දුර්වල නිසා
- D)උෂ්ණත්වය වැඩි නිසා
Show answer & explanation
Answer: A) එහි පිෂ්ටය සම්පූර්ණයෙන්ම ජීරණය වී වෙනත් සංයෝගයක් බවට පත්වී ඇති නිසා
විනාඩි 20 කට පසු මිශ්‍රණය අයඩීන් ද්‍රාවණය සමඟ වර්ණ වෙනසක් නොදෙන්නේ එහි පිෂ්ටය නොමැති බැවිනි.
Q12. ප්‍රෝටීනවල ඇති ඇමයිනො අම්ල එකිනෙකට වෙනස් වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ කුමක්ද?
- A)කාබොක්සිල් කාණ්ඩය වෙනස් වීමයි
- B)R කාණ්ඩය එකිනෙකට වෙනස් වීමයි
- C)ඇමයිනො කාණ්ඩය වෙනස් වීමයි
- D)හයිඩ්රජන් පරමාණු සංඛ්‍යාව වෙනස් වීමයි
Show answer & explanation
Answer: B) R කාණ්ඩය එකිනෙකට වෙනස් වීමයි
R කාණ්ඩය එකිනෙකට වෙනස් වීමෙන් එකිනෙකට වෙනස් වූ ඇමයිනො අම්ල 20 ක් පවතී.
Q13. පක්ෂීන් හා ක්ෂීරපායින් වැනි අචලතාපී සත්ත්වයින්ගේ සමට යටින් ඇති අධඃචර්මීය මේද ස්තරය මගින් ඉටු කරන ප්‍රධාන කාර්යය කුමක්ද?
- A)ශක්තිය ගබඩා කිරීම පමණි
- B)තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරමින් දේහ උෂ්ණත්වය රැක දීම
- C)බාහිර කම්පන අවශෝෂණය කිරීම පමණි
- D)හෝර්මෝන නිෂ්පාදනය කිරීම
Show answer & explanation
Answer: B) තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරමින් දේහ උෂ්ණත්වය රැක දීම
අධඃචර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරමින් ඔවුන්ගේ දේහ උෂ්ණත්වය රැකගැනීමට උපකාරී වේ.
Q14. පෘෂ්ඨවංශීන්ගේ ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරොන් වැනි හෝර්මෝන සංශ්ලේෂණය සඳහා වැදගත් වන ජෛව අණු කාණ්ඩය කුමක්ද?
- A)කාබොහයිඩ්රේට
- B)ප්‍රෝටීන්
- C)ලිපිඩ
- D)නියුක්ලෙයික් අම්ල
Show answer & explanation
Answer: C) ලිපිඩ
පෘෂ්ඨවංශීන්ගේ ඇතැම් හෝර්මෝන සංශ්ලේෂණයට ලිපිඩ වැදගත් වේ.
Q15. RNA අණුවෙහි තැනුම් ඒකකය වනුයේ කුමක්ද?
- A)ඩිඔක්සි රයිබොනියුක්ලියොටයිඩ
- B)රයිබොනියුක්ලියොටයිඩ
- C)ඇමයිනො අම්ල
- D)ග්ලූකෝස් අණු
Show answer & explanation
Answer: B) රයිබොනියුක්ලියොටයිඩ
RNA අණුවෙහි තැනුම් ඒකක වනුයේ රයිබොනියුක්ලියොටයිඩයි.
Q16. මානව දේහයේ අඩංගු මූලද්‍රව්‍ය අතරින් දෙවනියට වැඩිම ස්කන්ධ ප්‍රතිශතයක් (18%) දරන මූලද්‍රව්‍යය කුමක්ද?
- A)ඔක්සිජන්
- B)කාබන්
- C)හයිඩ්රජන්
- D)නයිට්රජන්
Show answer & explanation
Answer: B) කාබන්
මානව දේහයේ කාබන් 18% ක ස්කන්ධ ප්‍රතිශතයක් දරයි.
Q17. මිනිස් ජීරණ පද්ධතිය තුළ ජීරණයට ලක් නොවන බැවින් පෝෂණීය වටිනාකමක් නොමැති වුවද මලබද්ධය වළක්වා ගැනීමට උදව් වන පොලිසැකරයිඩය කුමක්ද?
- A)පිෂ්ටය
- B)ග්ලයිකොජන්
- C)සෙලුලෝස්
- D)මෝල්ටෝස්
Show answer & explanation
Answer: C) සෙලුලෝස්
සෙලුලෝස් මිනිස් ජීරණ පද්ධතිය තුළ ජීරණයට ලක් නොවන බැවින් පෝෂණීය වටිනාකමක් නැත, එහෙත් මලබද්ධය වළක්වා ගැනීමට උදව් වෙයි.
Q18. විශේෂයෙන් කිරි ආහාරවල බහුලව අඩංගු වන, ලැක්ටෝස් ජීරණයේ ඵලයක් වන මොනොසැකරයිඩය කුමක්ද?
- A)ග්ලූකෝස්
- B)පෘක්ටෝස්
- C)ගැලැක්ටෝස්
- D)සුක්රෝස්
Show answer & explanation
Answer: C) ගැලැක්ටෝස්
ගැලැක්ටෝස් යනු කිරි ආහාරවල පවතින, ලැක්ටෝස් ජීරණයේ ඵලයක් වන මොනොසැකරයිඩයකි.
Q19. ශාක තුළ පොස්ෆරස් ඌනතාවක් ඇති වූ විට පෙන්වන විශේෂ ලක්ෂණය කුමක්ද?
- A)වර්ධනය හීනවීම
- B)මුල්වල වර්ධනය ක්ෂීණ වීම සහ පත්‍ර මත රතු හා දම් වර්ණ ලප මතුවීම
- C)පත්‍ර අග්රස්ථය මිය යාම
- D)ළපටි පත්‍රවල හරිතක්ෂය ඇති වීම
Show answer & explanation
Answer: B) මුල්වල වර්ධනය ක්ෂීණ වීම සහ පත්‍ර මත රතු හා දම් වර්ණ ලප මතුවීම
ශාකවල පොස්ෆරස් ඌනතාව නිසා මුල්වල වර්ධනය ක්ෂීණ වීම සහ පත්‍ර මත රතු හා දම් වර්ණ ලප මතුවීම සිදු වේ.
Q20. ශාකවල කැල්සියම් ඌනතාවක් ඇති වූ විට පෙන්වන ප්‍රධාන ලක්ෂණය කුමක්ද?
- A)පත්‍ර අග්රස්ථය මිය යාම
- B)පත්‍රවල හරිතක්ෂය ඇති වීම
- C)කහ හෝ දුඹුරු පැහැ වර්ණ ඇති වීම
- D)පත්‍ර අනවශ්‍ය ගනකමකින් යුතු වීම
Show answer & explanation
Answer: A) පත්‍ර අග්රස්ථය මිය යාම
ශාකවල කැල්සියම් ඌනතාව නිසා පත්‍ර අග්රස්ථය මිය යාම සිදු වේ.
Practise with real G.C.E. O/L Science past papers
2025 O/L Science Past Paper Sinhala Medium
G.C.E. O/LScience2025SinhalaPDF · 12.8 MB · 168 downloads
📝 Marking scheme2024 O/L Science Past Paper Sinhala Medium
G.C.E. O/LScience2024SinhalaPDF · 10.5 MB · 69 downloads
📝 Marking scheme2023 O/L Science Past Paper Sinhala Medium
G.C.E. O/LScience2023SinhalaPDF · 1.2 MB · 45 downloads
📝 Marking scheme2022 O/L Science Past Paper Sinhala Medium
G.C.E. O/LScience2022SinhalaPDF · 947 KB · 36 downloads
📝 Marking scheme
More Science quizzes
- 🧠
Shakaha ha sathwa sailawala wuyuhaya ha kruthya (ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය) Grade 10 Science lesson 06 MCQ 03
O/LScienceශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍යSinhalaEasy20 questions - 🧠
Shakaha ha sathwa sailawala wuyuhaya ha kruthya (ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය) Grade 10 Science lesson 06 MCQ 02
O/LScienceශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍යSinhalaEasy20 questions - 🧠
Shakaha ha sathwa sailawala wuyuhaya ha kruthya (ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය) Grade 10 Science lesson 06 MCQ 01
O/LScienceශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍යSinhalaEasy20 questions👥 2 attempts - 🧠
Jeewaye Rasayanika Padanama (ජීවයේ රසායනික පදනම) Grade 10 Science lesson 01 MCQ 02
O/LScienceජීවයේ රසායනික පදනමSinhalaEasy20 questions
