Exam1st

Jeewaye Rasayanika Padanama (ජීවයේ රසායනික පදනම) Grade 10 Science lesson 01 MCQ 02

O/LScienceජීවයේ රසායනික පදනමSinhalaEasy20 questions

Free G.C.E. O/L Science MCQ quiz on ජීවයේ රසායනික පදනම with 20 questions in Sinhala medium. Answer each question, see the correct answer and explanation straight away, and get your score at the end. Use the study section below to review every question and answer.

සාමාන්‍ය පෙළ Science බහුවරණ ප්‍රශ්න නොමිලේ පුහුණු වන්න.

Question 1 of 20

Loading the questions...

About this quiz

Grade 10 Science: ජීවයේ රසායනික පදනම (Chemical Basis of Life) - Part 02 MCQ Practice Quiz

Welcome to Part 02 of our specialized MCQ quiz series for Grade 10 Science students following the Sri Lankan national curriculum. If you have completed Part 01, this second installment takes your revision of "ජීවයේ රසායනික පදනම" (Chemical Basis of Life) to the next level with a fresh set of challenging multiple-choice questions.

This part focuses deeper on biochemical reactions, enzyme functions, nucleic acid structures, and practical applications relevant to the unit.

What's Covered in Part 02:

  • Advanced Biomolecules: Further testing on proteins, amino acids, and complex carbohydrate structures.

  • Enzyme Action & Factors: Questions covering enzyme specificity, optimum temperature, pH, and denaturation.

  • Nucleic Acids & Cellular Energy: Introduction to basic concepts of DNA, RNA, and energy transfer molecules like ATP.

  • Exam-Style Formatting: Questions modelled closely after school term tests and provincial examination standards.

How This Quiz Helps You Excel:

  • Targeted Revision: Focus specifically on the trickier concepts of the unit where students often make mistakes.

  • Self-Assessment: Track your progress between Part 01 and Part 02 to see how much you've improved.

  • Sinhala Medium Support: Tailored specifically to help Sinhala medium students master technical scientific terminology.

All questions & answers (20)

Study mode: read every question, then open the answer. Tap to show.

  1. Q1. කෙස් හා කුරුලු පිහාටු ආදියේ අඩංගු ප්‍රෝටීන් වර්ගය කුමක්ද?

    • A)ඇක්ටින්
    • B)කෙරටින්
    • C)ඔසෙයින්
    • D)ඇල්බියුමින්
    Show answer & explanation

    Answer: B) කෙරටින්

    කෙස් හා කුරුලු පිහාටු ආදියේ ඇත්තේ කෙරටින් නම් ප්‍රෝටීන් වර්ගයකි.

  2. Q2. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ බයියුරේට් පරීක්ෂාව සඳහා යොදන ප්‍රතිකාරක මොනවාද?

    • A)අයඩීන් සහ බෙනඩික්ට්
    • B)සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්
    • C)සුඩාන් III සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල
    • D)සල්ෆියුරික් අම්ල සහ ඇමෝනියා
    Show answer & explanation

    Answer: B) සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්

    බයියුරේට් පරීක්ෂාව සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් යොදයි.

  3. Q3. ජීවීන් තුළ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කරන කාබනික උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන විශේෂිත ප්‍රෝටීන මොනවාද?

    • A)හෝර්මෝන
    • B)ප්‍රතිදේහ
    • C)එන්සයිම
    • D)ප්‍රතිජීවක
    Show answer & explanation

    Answer: C) එන්සයිම

    ජීවීන් තුළ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වන එන්සයිම නම් විශේෂිත ප්‍රෝටීන් ක්‍රියා කරයි.

  4. Q4. ලිපිඩ අණුවක ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය කෙසේද?

    • A)සෑම විටම 2:1 වේ
    • B)සෑම විටම 2:1 ට වඩා වැඩි වේ
    • C)සෑම විටම 2:1 ට වඩා අඩු වේ
    • D)1:1 වේ
    Show answer & explanation

    Answer: B) සෑම විටම 2:1 ට වඩා වැඩි වේ

    ලිපිඩ අණුවක ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය සෑම විට ම 2:1 ට වඩා වැඩි වේ.

  5. Q5. ලිපිඩ සෑදී ඇත්තේ කුමන සංඝටක එකතු වීමෙන් ද?

    • A)ග්ලූකෝස් සහ ප්‍රෝටීන්
    • B)මේද අම්ල හා ග්ලිසරෝල්
    • C)ඇමයිනො අම්ල සහ පොස්ෆේට්
    • D)නියුක්ලියොටයිඩ
    Show answer & explanation

    Answer: B) මේද අම්ල හා ග්ලිසරෝල්

    මේද අම්ල හා ග්ලිසරෝල් එකතු වීමෙන් ලිපිඩ සෑදී ඇත.

  6. Q6. ශාක දේහවල මතුපිට පෘෂ්ඨයේ ජලය පිටවීම වළකින ඉටි වර්ගය කුමක්ද?

    • A)කියුටින්
    • B)ලිග්නින්
    • C)සුබරින්
    • D)සෙලුලෝස්
    Show answer & explanation

    Answer: A) කියුටින්

    ශාක දේහවල මතුපිට පෘෂ්ඨයේ ඇති කියුටින් නම් ඉටි නිසා ජලය පිටවීම වළක්වයි.

  7. Q7. පක්ෂීන්, ක්ෂීරපායින් ආදී අචලතාපී සත්ත්වයින්ගේ සමට යටින් ඇති අධඃචර්මීය මේද ස්තරය ක්‍රියා කරන්නේ කෙසේද?

    • A)උත්ප්‍රේරකයක් ලෙස
    • B)තාප පරිවාරකයක් ලෙස
    • C)ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙස
    • D)ප්‍රතිදේහයක් ලෙස
    Show answer & explanation

    Answer: B) තාප පරිවාරකයක් ලෙස

    අධඃචර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරමින් දේහ උෂ්ණත්වය රැක ගැනීමට උපකාරී වේ.

  8. Q8. ලිපිඩ හඳුනා ගැනීම සඳහා භාවිත කරන පරීක්ෂණය කුමක්ද?

    • A)බයියුරේට් පරීක්ෂාව
    • B)බෙනඩික්ට් පරීක්ෂාව
    • C)සුඩාන් III පරීක්ෂාව
    • D)අයඩීන් පරීක්ෂාව
    Show answer & explanation

    Answer: C) සුඩාන් III පරීක්ෂාව

    ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව සුඩාන් III පරීක්ෂාව වේ.

  9. Q9. නියුක්ලෙයික් අම්ල අණුවක අඩංගු වන මූලද්‍රව්‍ය මොනවාද?

    • A)C, H, O පමණි
    • B)C, H, O, N පමණි
    • C)C, H, O, N සහ P
    • D)C, H, O, S පමණි
    Show answer & explanation

    Answer: C) C, H, O, N සහ P

    නියුක්ලෙයික් අම්ලවල කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O), නයිට්‍රජන් (N) හා පොස්ෆරස් (P) අඩංගු වේ.

  10. Q10. නියුක්ලියොටයිඩයක් සංඝටක කීයකින් සමන්විත වේ ද?

    • A)2
    • B)3
    • C)4
    • D)5
    Show answer & explanation

    Answer: B) 3

    සෑම නියුක්ලියොටයිඩයක් ම නයිට්‍රජනීය භෂ්මයක්, පෙන්ටෝස් සීනි කාණ්ඩයක් සහ පොස්ෆේට් කාණ්ඩයක් යන සංඝටක වර්ග තුනකින් තැනී ඇත.

  11. Q11. DNA අණුවක තැනුම් ඒකකය කුමක්ද?

    • A)රයිබොනියුක්ලියොටයිඩ
    • B)ඩිඔක්සි රයිබොනියුක්ලියොටයිඩ
    • C)ඇමයිනො අම්ල
    • D)මොනොසැකරයිඩ
    Show answer & explanation

    Answer: B) ඩිඔක්සි රයිබොනියුක්ලියොටයිඩ

    DNA අණුවෙහි තැනුම් ඒකකය වනුයේ ඩිඔක්සි රයිබොනියුක්ලියොටයිඩයි.

  12. Q12. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කර පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන ප්‍රධාන අණුව කුමක්ද?

    • A)RNA
    • B)DNA
    • C)ප්‍රෝටීන්
    • D)ලිපිඩ
    Show answer & explanation

    Answer: B) DNA

    DNA මගින් ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය කිරීම සිදු කරයි.

  13. Q13. ජීවී දේහ කොටස්වල ජලය අඩංගු බව පෙන්වන පරීක්ෂණයේදී වාෂ්ප වී එකතු වන ජල බින්දු හඳුනා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යය කුමක්ද?

    • A)කොබෝල්ට් ක්ලෝරයිඩ්
    • B)කොපර් සල්ෆේට්
    • C)සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
    • D)අයඩීන් ද්‍රාවණය
    Show answer & explanation

    Answer: A) කොබෝල්ට් ක්ලෝරයිඩ්

    ජලය හඳුනා ගැනීමට කොබෝල්ට් ක්ලෝරයිඩ් භාවිත කරන අතර එහි වර්ණය නිල් සිට රෝස පැහැයට හැරේ.

  14. Q14. ජීවී දේහවල කාබන් (C) අඩංගු බව තහවුරු කරන පරීක්ෂණයේදී ද්‍රව්‍ය රත් කළ පසු ලැබෙන අවසාන ඵලය සුදු කඩදාසියක ඇතුල් කළ විට කුමක් සිදුවේ ද?

    • A)නිල් පාට රේඛා ලැබේ
    • B)අඟුරු වලින් ඇඳුණු රේඛා ලැබේ
    • C)රතු පාට තට්ටුවක් ලැබේ
    • D)කහ පැහැ වේ
    Show answer & explanation

    Answer: B) අඟුරු වලින් ඇඳුණු රේඛා ලැබේ

    අවසානයේ දී ලැබෙන ඵලය සුදු කඩදාසියක් මත අතුල්ලූ විට අඟුරු වලින් ඇඳුණු රේඛා ලැබේ.

  15. Q15. බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් කොපමණ ප්‍රමාණයක් ජලය වේ ද?

    • A)1/2 ක්
    • B)1/3 ක්
    • C)2/3 ක්
    • D)3/4 ක්
    Show answer & explanation

    Answer: C) 2/3 ක්

    බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් 2/3 ක් ජලය වේ.

  16. Q16. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව අධික වීම නිසා ජීවීන්ට ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනය කුමක්ද?

    • A)ශ්වසන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම
    • B)දේහ උෂ්ණත්වය යාමනය කිරීම
    • C)පෝෂක ද්‍රව්‍ය පරිවහනය කිරීම
    • D)හොඳ ද්‍රාව්‍යDයක් වීම
    Show answer & explanation

    Answer: B) දේහ උෂ්ණත්වය යාමනය කිරීම

    ජලයේ විශිෂ්ට තාප ධාරිතාව අධික නිසා ශරීරයේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්ව වෙනස්කම් අනුව ඉක්මණින් ඉහළ පහළ නොයයි.

  17. Q17. උස ශාකවල කඳ තුළින් ජලය ඉහළට පරිවහනය වීමට ජලයේ ඇති කුමන ගුණය බලපායි ද?

    • A)අධික සංශක්ති හා ආශක්ති බල තිබීම
    • B)විශිෂ්ට තාප ධාරිතාව අධික වීම
    • C)හොඳ ද්‍රාව්‍යDයක් වීම
    • D)ඝනත්වය අඩු වීම
    Show answer & explanation

    Answer: A) අධික සංශක්ති හා ආශක්ති බල තිබීම

    ජලයේ අධික සංශක්ති හා ආශක්ති බල තිබීම නිසා උස ශාකවල කඳ තුළින් ජලය ඉහළට පරිවහනය වේ.

  18. Q18. මිනිස් සිරුරේ බරින් 7% ක් ඛනිජ ලවණ වන අතර, එම ප්‍රමාණයෙන් 3/4 ක් පමණ අයත්වන්නේ කුමන මූලද්‍රව්‍ය දෙකට ද?

    • A)සෝඩියම් සහ පොටෑසියම්
    • B)කැල්සියම් සහ පොස්ෆරස්
    • C)යකඩ සහ අයඩීන්
    • D)මැග්නීසියම් සහ සල්ෆර්
    Show answer & explanation

    Answer: B) කැල්සියම් සහ පොස්ෆරස්

    මිනිස් සිරුරේ ඛනිජ ලවණ ප්‍රමාණයෙන් 3/4 පමණ කැල්සියම් හා පොස්ෆරස් ය.

  19. Q19. මානව දේහයේ පේශී දුර්වල වීම, මානසික ව්‍යාකූලතා සහ කෙණ්ඩා පෙරළීම වැනි ලක්ෂණ ඇතිවීමට හේතු වන ඛනිජ ලවණ ඌනතාව කුමක්ද?

    • A)සෝඩියම් ඌනතාව
    • B)පොටෑසියම් ඌනතාව
    • C)කැල්සියම් ඌනතාව
    • D)අයඩීන් ඌනතාව
    Show answer & explanation

    Answer: B) පොටෑසියම් ඌනතාව

    පොටෑසියම් ඌනතාව නිසා පේශී දුර්වල වීම, මානසික ව්‍යාකූලතා සහ කෙණ්ඩා පෙරළීම වැනි ලක්ෂණ ඇතිවේ.

  20. Q20. හිමොග්ලොබින් සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය වන සහ රක්තහීනතාව ඇතිවීමට හේතු වන මූලද්‍රව්‍යය කුමක්ද?

    • A)අයඩීන්
    • B)යකඩ (Iron)
    • C)සින්ක්
    • D)කැල්සියම්
    Show answer & explanation

    Answer: B) යකඩ (Iron)

    හිමොග්ලොබින් සංශ්ලේෂණයට යකඩ අත්‍යවශ්‍ය වන අතර, එය හිඟවීමෙන් රක්තහීනතාව ඇතිවේ.

Practise with real G.C.E. O/L Science past papers

All G.C.E. O/L Science past papers →

More Science quizzes

All G.C.E. O/L Science quizzes →